ශ‍්‍රී ලංකා පිලට ඉහළම ආරක්ෂාවක් සූදානම්

September 16, 2019

ශ‍්‍රී ලංකා පාකිස්තාන තරගාවලිය සඳහා ඉහළම ආරක්ෂාවක් සූදානම් කර අවසන් බව පාකිස්තාන් ක‍්‍රිකට් සභාපතිවරයා ඒශ්ෂාන් මනී පවසයි.

ලබන 27 වැනිදා පාකිස්තානයේදී ආරම්භ වන එක්දින තරග තුන සහ විස්සයි විස්ස තරග දින දහයකට අඩු කාලයකදී ලාහෝර් සහ කරච්චි නුවරදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවත් ඒ වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සහභාගි වීම තම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට විශාල ශක්තියක් වන බව පාකිස්තාන් ක‍්‍රිකට් සභාපති පවසයි.

පාකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තීරණය වෙනස් වුවහොත් එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය පැවැත්වීම සඳහා සාජා ක‍්‍රීඩාංගණයද සූදානම් බව වාර්තා වේ.

t

o

p