19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානය ඉන්දීයාවට

September 15, 2019

රටවල් 8 ක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැති යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමිනි 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානය ඉන්දීයාව 7වන වරටත් දිනා ගැනීමට සමත්විය.

මේ දක්වා යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 8 ක් පවත්වා ඇති අතර ඉන් 7 කම ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. මෙවර ඔවුන් ශූරතාවට හිමිකම් කීවේ පිට පිටම දෙවැනි වරටය. 2017 වසරේ පැවැති තරගාවලියේ ශූරතාව පමණක් ඇෆ්ඝනිස්තානය සතුවී ඇති අතර 2012 වසරේදී ඉන්දියාව සහ පාකිස්තානය සම ශූරයන් බවට පත්ව තිබේ.

ඉන්දීය කණ්ඩායමේ අතර්වා අන්කෝලෙකර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ය.

t

o

p