ඩෙංගු රෝග ව්‍යාප්තියට දේශගුණ වෙනස්වීම් බලපායි

September 15, 2019

දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 11ක නියෝජිතයින් සහභාගී වූ  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධාන කළ ජත්‍යන්තර සමුළුවකදී උෂ්ණත්වය හා වර්ෂාව වෙනස්වීම හේතුවෙන් වරින්වර ඩෙංගු රෝග ව්‍යාප්තියට හේතු වන බව කරණු අනාවරණය විය. ඔවුන් විසින් මදුරුවන්ගෙන් බෝවන රෝග පාලනය පිළිබඳ තම රටවල අත්දැකීම් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ දැනුවත් කර ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, මෙරට ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා මෙම අනාවරණ කිරීම් පාදක කර ගන්නා බවයි.

ඩෙංගු පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නව සැලසුම් සකස් කරන බවද වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.

t

o

p