මානුෂිය ගැටළුවක් සේ සලකා ධීවර ගැටළුවට විසදුම් ලබාදීමට දෙපාර්ශවයේම එකගත්වය

September 14, 2019

ඉන්දු ලංකා ධීවර  ගැටළුව පිලිබදව ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

 මෙම සාකච්ඡාව පැවැත්වුනේ කෘෂිකර්ම අමාත්‍යංශයේදිය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා , කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථිකවාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මැතිතුමා,රාජ්‍ය අමාත්‍ය අලිසහිර් මවුලානා මැතිතුමා  මෙන්ම කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන  අමාත්‍යංශයේ ලේකම් කේ.ඩි.රුවන් චන්ද්‍ර , ධීවර හා ජලජ සම්පත් සංවර්ධන  අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ මොන්ටි රණතුංග මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඉන්දීය නියෝජිත කණ්ඩායමට තමිල්නාඩු හිටපු මහ ඇමති එම්.කරුණානිධි මහතාගේ දියණිය වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී කනිමුලි කරුණානිධි , ඉන්දීය පාර් ලිමේන්තු මන්ත්‍රී නවාෂ් කණිම් ඇතුළු මන්ත්‍රීන් ඇතුළු 07දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ඉන්දියාව නියෝජනය කරමින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

t

o

p