පොදු ලකුණූ එපා. පොහොට්ටුව පමණයි. යෝජනාව ගම්පහින් සම්මතයි.

September 14, 2019

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේදී ඒකමතිකව සම්මත විය.

කමිටු රැස්වීම පැවැත්වුනේ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පුසන්න රණතුංග මහතාගේ නිවසේදීය. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන ප්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සටියහ. මේ සදහා මහජන එක්සත් පෙරමුන, ජාතික නිදහස් පෙරමුන, පිවිතුරු හෙල උරුමය හා ලංකා සම සමාජ පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ද සහභාගී වී සිටියහ.

කුමන සන්ධාන ගොඩ නැගුනද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වරණයට ඉදිරිපත් වියයුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බවට වූ යෝජනාව එහිදී ඉදිරිපත් කලේ ගම්පහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තිස්ස ගුණවර්ධන මහතාය.

මෙම යෝජනාව ස්ථීර කරමින් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සදහන් කළේ පොහොට්ටුව මෙරට ජනප්‍රිය පකෂ සළකුන බවයි. ලකුන පිළිබදව ගැටලු ඉදිරිපත් කරමින් ශ්‍රිලනිප යේ ඇතමුන් මේ උත්සාහය දරණුයේ නැවත ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂ යට කිරීමටදැයි සැක සහිත බවයි. පොහොට්ටුව ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති පවත් ජනතාව ඉල්ලන්නේ පොහොට්ටුව ලකුණ මිස වෙනත් ලකුණක් නොවන බවත් රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව රැස්විමට සහභාගීවූ සියලු නියෝජිතයන් අත් ඔසවා මෙම යෝජනාව ඒකමතිකව සම්මත කළහ. යෝජනාව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, යන මහත්වරුන්ට ලිඛිතව ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරනය කෙරිණි.

t

o

p