ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සෞදි අරාබි කථානායක ආචාර්ය අබ්දුල්ලා ඉබුනු මොහොමඩ් ඉබුනු ඊබ්‍රහිම් අල් ෂෙයික් (Dr. Abdullah Ibn Muhammad Ibn Ibrahim Al-Sheikh) මහතා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
මෙම අවස්ථාවට සෞදි අරාබි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උසාමා බින් අබ්දුල්අසීස් අල්-රාබියා, අටා බින් හමූද් අල් සබ්ටි, ආචාර්ය ෆාතිමා බින් ෆායිස් අල් ශිහ්රි, ලීනා බින් කාලිද් අල් මයීනා සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීහු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.