හමුදාවේ පොලිසියේ පඩි වැඩිකරපු අපිට බය නැතිව ඒ අය ගැන කථා කරන්න පුළුවන්

September 14, 2019

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ළඟම පාසල හොඳම පාසල වැඩ සටහන යටතේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් වැය කරමින් රත්නපුර නිවිතිගල ඇන්දාන මහා විද්‍යාලයේ ඉදි කළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාසල් සංවර්ධනය කරනවා වගේම  අපි අවුරුදු 13 ක් පාසල් අධ්‍යාපනය දැන් අනිවාර්ය කරලා තියෙනවා.රජයේ හරි පෞද්ගලික හෝ රැකියාවකය යනවා නම් වසර 13 ක පාසල් අධ්‍යාපනය සහතිකය අනිවාර්ය කරලා තියෙනවා.අධ්‍යාපනය හොදින් ලබා ගැනීම ඔබේ වගකීමක් ලෙස සැලකිය යුතුයි.අපිට හොද අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක්.1977  ජේ.ආර්.ජවවර්ධන මැතිතුමා පොත් ටික නොමිලේ ලබා දුන්නා.ප්‍රේමදාස ජනාධිපතිතුමා නිල ඇදුම් ටික ලබා දුන්නා.

අවුරුදු 13 ක අනිවාර්ය අධ්‍යාපනය තුළ තමන්ගේ දරුවන් පාසලට එවීම දෙමාපියන්ගේ වගකීමක් බව කියන්න ඕන.වගකිව යුතු රජයක් ලෙස සමාජයක් හැටියට අධ්‍යාපන ක්ෂ්ත්‍රෙය් ඉදිරියට යන්න පුළුවන් අවස්ථාව අපි ඇති කරලා තියෙනවා.සමහර ගුරුවරු ඉන්නවා ඉස්කෝලේ උගන්වනවා අඩුයි හවසට පන්තියට යන්න ඕන රජයේ නිලධාරීන් ලෙස ඉන්න අය මේ ඉන්නේ නිදහස් අධ්‍යාපනය නිසයි.

ගොඩාක් අයට ඉදිරියට යන කොට මේ ටික අමතක වෙනවා.දැන් ඊයේ පෙරේදා පරිපාලන සේවයේ නිලධාරීන් වර්ජනය කළා.මේ තරම් පඩි වැඩි කරපු ආණ්ඩුවක් කොහේවත් නැහැ.දැන් මේ දවස්වල ඡන්ද එන හින්දාද මන්දා වර්ජනය කරනවා.දැන් මම දැක්කා ආරක්ෂක මණ්ඩලයට යන කොට ආබාධිත රණවිරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණය කරනවා .හැබැයි රණවිරුවෝ ගැන බලා ගත්තේ නැහැ මේ දක්වා කිසිම කෙනක් .ගොඩාක් අය කථා කරනවා රණවිරුවෝ ගැන.හමුදාවේ පොලිසියේ අයගේ වැටුප් වැඩි කරපු ආණ්ඩුව හැටියට අපිට බය නැතිව කථා කරන්න පුළුවන්.මම දේශපාලඥයෙක් හැටියට කියන්නේ මොනම හේතුවක් නිසාවත් තමන්ගේ ජීවිතයේ පළවෙනි දේ දේශපාලනය කර ගන්න එපා .

ඉස්සෙල්ලාම අපේ රට ගැන හිතන්න අපිට මෙනෙවාද අඩු කියලා හිතන්න.අපි වැදගත් සමාජයකට යන්න ඒන.අපි අධයාපනය අවශ්‍ය පහසුකම් ලබාදීලා තියෙනවා.අපේ දරුවෝ මේ සමාජයේ රටේ ලෝකයේ ඉදිරියට යන්න ඕන.ඒ සඳහා ඉංග්‍රිසි භාෂාව ඉගෙන ගන්න එකත් වැදගත් වෙනවා.කිසිම අවස්ථාවක මගේ ප්‍රදේශය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයට දේශපාලන අතපෙවීම් කරන්න දෙන්නේ නැහැ.කරලත් නැහැ.අපි නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්න කටයුතු කරලා තියෙනවා.නීතිය නොදැනීම නිසා ගොඩාක් අයගේ ජීවිත විනාශ වෙලා තියෙනවා.ඒත් නිතිය නොදැන ගැනීම නිදහසට කාරණයක් නම් නොවෙයි යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

t

o

p