මාධ්‍යවේදී ශාලික පෙරේරා විසින් රචිත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ඇතුලත් කෘතිය “අප්‍රේල් 21” කොළඹ ජත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි එළිදැක්වීමට නියමිතයි.පස්කු ඉරිදා ප්‍රහාරය සිදුවු ආකාරය ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ හා අන්තවාදය ලොවට තර්ජනයක් වී ඇති ආකාරය පිළිබදව ලිපි ගණනාවක් ද මේ කෘතියේ අන්තර්ගත වී තිබේ.
කතෘ ප්‍රකාශනයක් ලෙසයි කෘතිය එළිදැක්වෙන්නේ. පළමු පිටපත අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගැන්වීමට ද නියමිතයි. මාධ්‍යවේදී ශාලික පෙරේරා ජාතික රූපවාහිනියේ අයි නාලිකාවේ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරයි.