පාකිස්තාන තරගාවලියෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඉවත්වෙති

September 10, 2019

මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරග සංචාරය සඳහා ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති හෙයින් ඔහුට මෙම තරගාවලිය අහිමිවී තිබේ.

මෙම ක්‍රීඩකයන් නොමැතිව පාකිස්තාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට නියමිතය.

t

o

p