වරාය නගරයේ ඉදිකෙරන ජාත්‍යන්තර පාසැලට, හෝටලයට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

September 5, 2019

කොළඹ වරාය නගරයෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල යාබද බිම් කොටසේ සම්මන්ත‍්‍රණ හෝටලයක් සහ ජාත්‍යන්තර රෝහල සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

අලුතින් ඉදිකළ කොළඹ වරාය නගරයෙහි ඉඩම් ගොඩකිරීමේ කාර්යය මේ වන විට අවසන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් අනුමත සංවර්ධන ප‍්‍රධාන සැලැස්ම සහ සංවර්ධන පාලන රෙගුලාසි විධිවිධාන වලට අනුකූලව මෙම ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා වූ ජාතික නියෝජිත ආයතනයේ සහය ඇතිව එම භූමියෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල, යාබද බිම් කොටසේ සම්මන්ත‍්‍රණ හෝටලයක් සඳහා ආයෝජනය කිරීමේ විකල්පය සහිතව ප‍්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර රෝහල සඳහා ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීටත්, එම යෝජනා ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයට අනුකූලව සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

t

o

p