ජනාධිපතිවරණය හේතුවෙන් සමාජ මාධ්‍ය අඩවි වල ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශන හුවමාරු වීමේ ප්‍රවණතාවයක්

September 5, 2019

පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සහ අන් අයගේ අයිතිවාසිකම්වලට බලපාන අයුරින් අපහාස, හිරිහැර, ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ වෙනත් දෑ ජනාධිපතිවරණය පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල හුවමාරු වීමේ නව ප්‍රවණතාවයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස නිරීක්ෂණය කල අතර අපගේ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ එවැනි අන්තර්ගතයන් බොහොමයක් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල පළ කර බෙදාගන්නා බවයි.

මෙසේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය, ව්‍යාජ පුවත් පළකිරීම්, වෛරී ප්‍රකාශ පළකිරීම් බොහෝ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල ප්‍රජා මාර්ගෝපදේශ වලට පටහැනි අතර එවැනි ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් එම සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත වාර්තා කිරීමෙන් ඉවත් කිරීමට පහසුකම් සමාජ මාධ්‍ය වෙබ් අඩවි විසින් සමාජ මාධ්‍ය පරිශීලකයන්ට සපයාදී ඇත.

ෆේස්බුක් ඇතුළු සියලුම සමාජ මාධ්‍ය  වෙබ් අඩවි භාවිතා කරන ශ්‍රී ලාංකික පරිශීලකයින් අන්තර්ජාල නිදහස හා භාෂණයේ නිදහස ආරක්ෂාකරගැනීමට තමන්ගේ සමාජ වගකීමක් ලෙස සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම්, ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ දුටුවහොත් එවැනි දෑ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත වාර්තා කිරීමට කටයුතු කරන මෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

t

o

p