අජන්ත මෙන්ඩිස්ගේ සමුගැනීමේ තරගයට ක්‍රීඩාලෝලීන් රැසක්

September 5, 2019

පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැති අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස අවසන් තරගයට ක්‍රීඩා කරමින් අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව නියෝජනය කළ අජන්ත මෙන්ඩිස්ගේ සමුගැනීමේ තරගය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් පැමිණ සිටියේය.

පළමුව පන්දුවට පහරදුන් යුධ හමුදා යන්ත්‍රෝපකරණ බලකාය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 180 ක් ලබාගත්තේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කාලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 189 ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්,රංගන හේරත් සහ වර්තමාන ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්ද සහභාගි වී සිටියේය.

t

o

p