ශ්‍රී ලංකා – නවසීලන්ත T20 පළමු තරගය අද

September 1, 2019

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී  නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලිය අද (01) පස්වරු 7.00ට ආරම්භ වෙයි.

අද ආරම්භ වන පන්දුවාර විස්ස තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග උසුලන අතර නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ජෙෂහාන් ජයසූරිය, දසුන් චානක, චනිදු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර සහ ළහිරු මධුෂංක යන ක්‍රිඩකයන් එහි තරඟ වදිති.

ශ්‍රී ලංකා කණ්ඩායම 2018 අගෝස්තු මාසයෙන් පසු T20 ක්‍රිකට් තරගයක්  ජයග්‍රහණය කර නොමැතිවීමද වීශේෂත්වයක්.

t

o

p