AIA සාමාජිකයින් මහියංගනය මූලික රෝහලට තීන්ත ආලේපකර කරයි

August 28, 2019

AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල, කාර්යමණ්ඩල සාමාජිකයින් 60 දෙනෙකුට අධික පිරිසක්, නොබෝදා, වසර 50 කට වඩා පැරණි මහියංගනය මූලික රෝහල තීන්ත ආලේපකර පිළිසකර කර දීමට ස්වේච්ඦාවෙන් සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.   මෙම රෝහල මගින් ප්‍රදේශවාසීන් 550,000 ට පමණ පිරිසකට සේවා සපයනු ලබයි.

අපගේ කාර්යක්ෂම කාර්යමණ්ඩල සාමාජික කණ්ඩායම රෝහලේ භාහිර රෝගී අංශය තීන්ත ආලේප කර පිරිසකර කරන ලද  අතර නාන කාමර දෙකක්ද පිළිසකර කරදෙන ලදී.  මහියංගනය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ප්‍රසාද් ජයසුන්දර මහතා  AIA කාර්යමණ්ඩල සාමාජිකයින්හට ස්තුති කරමින්  කියා සිටියේ, මෙම කර්තව්‍ය රෝහල කරා එන ලක්ෂ ගණනක් රෝගීන්හට ධනාත්මක පරිසරයක් නිර්මාණය කරදීමට ඉවහල් වනු ඇති බවයි.

t

o

p