ඉදිරිදින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි

August 28, 2019

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද(28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව වාර්ත වෙයි.

t

o

p