ප්‍රංශය – ඇමෙරිකාව ඩිජිටල් බදු ගිවිසුමකට

August 28, 2019

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය ඩිජිටල් බදු ගිවිසුමකට එළැඹුණේ යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා පවසයි.

ප්‍රංශය තුළ කරන ඩිජිටල් සේවාවලින් ලබන ආදායම මත 3%ක බද්දක් පැනවීමට ප්‍රංශය නීතියක් සම්මත කරගත්තේය.

මේ නිසා අන්තර්ජාල සේවා සපයන මහ පරිමාණ සමාගම්වලට ප්‍රංශ රජයට බද්දක් ගෙවීමට සිදු වූ අතර එම නිසා ඇමෙරිකාව සහ ප්‍රංශය අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබේ.

t

o

p