දුම්රිය සේවකයන් 2000 ක් බඳවාගන්න සැරසේ

August 27, 2019

දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන් 2,000ක් අලුතින් බඳවාගැනීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා බලාපොරොත්තුවෙන් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

දුම්රිය මාර්ග අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීම සඳහා  සේවකයන් අලුතින් බඳවාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට ඉහතදීද භාණ්ඩාගාර අනුමැතිය  බලාපොරොත්තුවෙන් සිටි බවද ඔහු කීය.

දුම්රිය සේවකයන් බඳවාගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.

t

o

p