අධිවේගයේ ආරක්ෂිත වැට කපා විකිණූ 5කට වැඩ වරදී

August 27, 2019

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුමේ සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙන් කිලෝ මීටර් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් සොරෙන් කපා විකිණූ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ග ආරක්ෂිත වැටෙහි මීටර් 1800 ක ප‍්‍රමාණයක තිබූ දැල හා ජී.අයි බට සොරාගෙන ගොස්, යකඩ භාණ්ඩ මිලදී ගන්නා මාලබේ හා කඩුවෙල වෙළඳසැල් දෙකකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.

සැකකරුවන් කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

t

o

p