විනාඩි 9 යෙන් කොටුවට

August 22, 2019

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබේ.

මගී ප්‍රවාහන යාත්‍රා සේවාව තුළින් මිනිත්තු 09ත් 10 අතර කාලයක දි කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ගමන් කළ හැකි බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රෝෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

පළමු මාසයේදී මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාදීමට නියමිතයි.

t

o

p