මහල් 34 කින් යුත් “මෙහෙවර පියස” විවෘත වේ

August 22, 2019

නාරාහේන්පිට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශ පරිශ්‍රයේ ඉදිකරන ලද “මෙහෙවර පියස” කාර්යාල සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මහල් 34 කින් යුත් මෙම ගොඩනැගිලි සංකීර්ණය රජයට අයත් උසැතිම ගොඩනැගිල්ල ද වේ. 

මෙම අවස්ථාවට කැබිනට් නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ආර්. රාජපක්ෂ, කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ විමලවීර යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

t

o

p