අලි හිගයට අගමැතිගෙන් විසදුම්

August 21, 2019

විහාරස්ථාන, දේවාල හා ආගමික ස්ථාන පෙරහැර මංගල්‍යය කටයුතු සදහා අලි ඇතුන් දීමට පවතින් බාධා ඉවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන තිබෙන ඉහත තීරණය අනුව පෙරහැර සදහා අලි ඇතුන් හිග වීමේ ගැටලුව විසදාගැන්මට හැකිවේ.

ඉපැරණි සාම්ප්‍රදායික පෙරහැර මංගල්‍යය කටයුතු සදහා අලි ඇතුන් යොදවා ගැනීමට පවතින නීතිමය බාධා  ලබන සතිය වන විට ඉවත් කල යුතු බවටද අග්‍රාමාත්‍ය වරයා දුන් උපදෙසවල වැඩිදුරටත් සදහන්ය.

පෙරහැර මංගල්‍යය කටයුතු සදහා පවතින බාධා  ගැන මහා නායක හිමිවරුන් ඇතුලු මහා සංඝරත්නය මෙන්ම බස්නායක නිලමේවරුන් කාලයක් තිස්සේ අග්‍රාමාත්‍ය වරයා දැනුම්වත් කර තිබුනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය හේතුවෙන් පෙරහැවලට අලි ඇතුන් යොදවා ගැනීමට පවතින නීතිමය බාධා ඉවත් වන බව පළාත් සභා හා පළාත් පාලන සහ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

t

o

p