ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
ඊට අමතරව අනුරාධපුර අටමස්ථානයම රාත්‍රි කාලය පුරාවට ආලෝකවත් කිරිමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අවශ්‍ය කටයුතු යොදා පවති.
ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම ආලෝකවත් කිරිමට අදාළ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ .
ඉහත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමත් සමගම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති ලෙකෝ සමාගම මගින් ඉහත පූජනීය ස්ථාන 2 ක සදහා විදුලි ආලෝකය සපයනු ලබයි.
අටමස්ථානයට අයත් ජයසිරි මහ බෝධිය , රුවන්මැලි සෑය, ථූපාරාම, ජේථවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය, ලෝවාමහාපාය, ලංකාරාමය යන පූජනීය ස්ථාන රාත්‍රි කාලයේ ආලෝකවත් කිරිම මගින් ඓතිහාසික මිහින්තලයට පැමිණෙන සංචාරකයන්ට මුළු රාත්‍රියෙහිම වුවද අටමස්ථානය දැක බලා ගැනීමට හැකි වන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
ඓතිහාසික මිහින්තලා පූජා භුමිය හා අටමස්ථානය රාත්‍රිය පුරා ආලෝකවත් වන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද අමත්‍යවරයා කීවේය.