ජාතික රූපවාහිනිය ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිල්වා ලෙස නම් කරයි.

August 19, 2019

ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව මෙරට විද්යුත් මාධ්‍යයේ දැවැන්තයාය.රූපවාහිනිය ප්‍රවෘත්ති බලා සිංහල ඉගෙන ගන්නා ලෙස ගුරුවරුන් ළමුන්ට නිර්දේශ කල යුගයක් තිබුණි.

නමුත් අද රූපවාහිනියට අත්ව ඇති ඉරණම ⁣මොනතරම් ඛේදනීයද?ආර්ථික වශයෙන් රූපවාහිනිය වත්මන් පාලකයෝ බිමට සමතලා කර ඇත. එ පමණක් නොව එහි තිබු ඉහල ගුණාත්මක භාවයද සුලංකිරිල්ලී පාලනය විසින් විනාශකරමින් තිබිම පාලකයින්ගෙ අවධානය යොමුවිය යුතුය.

ප්‍රවෘත්ති නිවේදකයෙක් යනු ඔහු හෝ ඇය ඒ ආයතනයේ සන්නාමයයි.අදටත් චමින්ද ගුණරත්න වැනි නිවේදකයන් දකින විට මතක් වන්නේ ජාතික රූපවාහිනිය යි.නමුත් ජාතික රූපවාහිනියේ වත්මන් නිවේදක නිවේදිකාවෝ ප්‍රවෘත්ති කියවනවා වෙනුවට ප්‍රවෘත්ති අනුභව කිරිම මොනතරම් අප්පිරියද ? 

ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිල්වා බවට නම වෙනස් කිරීමට ජාතික රූපවාහිනිය කටයුතු කර කලේය. ජාතික රූපවාහිනියේ ඊයේ (19) දහවල් 1.55 ප්‍රවෘත්ති විකාශයේදි ජනාධිපතිවරයාගේ නම වෙනස් කළේය. එය මෛත්‍රීපාලට ගානක් නැති උනාට රට්ටු හිතන්නේ රූපවාහිනියේ උන්ට පිස්සු කියාය.

මහානායක හිමි නමක් වු නාපානේ ⁣පේමසිරි ස්වාමීන් වහන්සේව නපානේ ලෙස විකෘති කලේද පසුගිය සතියේය. කලක් ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් පාප් වහන්සේ වෙනුවට පාප්ප වහන්සේ ලෙස උච්චාරණය කිරිම නිසා එවකට සභාපති මොහාන් සමරනායක ඇය ඒ මොහොතේම වැඩ තහනමට ලක් කලේය.

නමුත් මෛත්‍රීපාලට වගේම සුලංකිරිල්ලීට ගානක් නැත.සංස්තාවේ නිවේදකයින් මොන කුණුහරුප කියුවත් කම්නැත.යතුරු හිල පමණක් ලොකුවට තිබිය යුතුය.

t

o

p