සහරාන් ඇතුලු කල්ලියේ කෝටි 113 ක මුදල් හා දේපල අත්හිටුවයි

August 8, 2019

පාස්කු දින මරාගෙන මැරෙන  මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ  ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්  ඇතුලූ  එම කල්ලි සාමාජිකයන් ගේ  රුපියල් කෝටි 113 ක  මුදල්  හා දේපළ අත්හිටුවා ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කර  අධිකරණ නියෝග මත මේවා අත්හිටුවා ඇති බවද  ශානි අබේසේකර මහතා කියා සිටියේය.

මේවා අතර  රුපියල් කෝටි 100 ක දේපළ හා   රුපියල්  කෝටි 13 ක් වටිනා මුදල් හා  බැංගු ගිණුම් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසීය.

අත්හිටවු  කෝටි 100 දේපළ අතර  වාහන, නිවාස, කර්මාන්ත ශාලා, රන්  භාණ්ඩ වන බවද ඒ මහතා පැවසීය.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන්   ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයක් 60 දෙනකු අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ  අය  අතර කාන්තාවන් ද සිටින බවත් ඒ මහතා පැවසීය.

මොවනු පිරිස රැඳවුම් නියෝග යටතේ  රදවාගෙන   තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද අබේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

t

o

p