කෝප් කමිටු රැස්වීම් හෙට සිට මාධ්‍යයට විවර කෙරේ

August 8, 2019

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුවේ) රැස්විම් සහ සාකච්ඡා හෙට (09) දින සිට සියලුම ජනමාධ්‍යයන් වෙත විවෘත කිරිමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කර තිබේ.

ඒ අනුව මෙම කාරක සභාවේ කටයුතු සජිවිව වාර්තා කිරිමටද,  ඉඩ සැලසෙනු ඇත. කෝප් කමිටු රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීමට කාලයක් තිස්සේ සාකච්ඡා කෙරුනු අතර ප්‍රථම වරට කාරක සභාවක් මාධ්‍යයට විවෘත වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබද කාරක සභාවය.‍

ද‍ෙවෙනි අවස්ථාව ලෙස මෙලෙස කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කෙරෙනු ඇත.

t

o

p