ශ්‍රී ලංකා පිලේ අන්තර්කාලීන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කරයි

August 8, 2019

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ අන්තර්කාලීන  පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රිඩකයින් 22 නෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එම සංචිතය සඳහා ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව ඇති බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට දිනේෂ් චන්දිමාල්ද නම් කර ඇති අතර ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂද ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසුරිය යන  ක්‍රිඩකයින් ඊට ඇතුළත්ය.

චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු ටෙස්ට් සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රිඩකයින් වෙයි.

තරඟ දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ලබන 14 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

t

o

p