පකිස්ථානය ඉන්දියාව සමග ගණුදෙනු අතහරියි

August 8, 2019

ඉන්දියාව සමග පවතින වෙළෙඳ සබඳතා අත්හිටුවීමට පාකිස්තානය අද (07) තීරණය කළේය.

ඒ කාශ්මීර අර්බුදය මුල්කරගනිමින් මේ වන විට දෙරට අතර මතභේදය උත්සන්න වීම හේතුවෙන්ය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සීමා කිරීමට ද පකිස්තානය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

සිය ඉන්දිය මහකොමසාරිස්වරයා පිටුවහල් කොට ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සීමා කිරීමටත් ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා අත්හිටුවීමටත් පාකිස්තානය අද තීරණය කළේය.

ඒ , ව්‍යවස්ථාවේ ජම්මු කාශ්මීරයට බලපැවැත්වුණු 370වන වගන්තිය අහෝසි කිරීමට ඉන්දීය රජය ගත් තීරණයට විරෝධය පාමින්ය.

එමෙන්ම ඔනෑම අවස්ථාවක් සඳහා සූදානමින් සිටින ලෙසට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිය හමුදාවන්ට දැනුම්දී ඇති බවද සඳහන්ය.

කෙසේ වෙතත් මේ වන විට ජම්මු කාශ්මීරයට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

t

o

p