අත හා පොහොට්ටුව ජනාධිපතිවරණයේදි එකට

August 8, 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය ජනාධිපතිවරණය ඉලක්ක කර සන්ධාන ගතවීමට තීරණයට එළැඹ තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව අතරමැදි පාර්ශවයක් හරහා දිගින් දිගටම දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු මෙම එකගතාවයට පැමිණි බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකුට පණිවුඩයක් එවමින් සදහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉහල හොද තනතුරක් දීමට තීරණය වී ඇතැයි ද ඉහත පණිවුඩය එවමින් ආණ්ඩු පක්ෂ ප්‍රබලයාට කරුණු වාර්තා කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කාම්බෝජ සංචාරය නිමකර දිවයින්ට පැමිණිමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවීම නිල වශයෙන් ඇරඹෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයා ආණ්ඩු පක්ෂ ප්‍රබලයාට දැනුමී දී ඇත.

t

o

p