ජනාධිපතිවරණයට සන්ධානයක් හදන්න රනිල් – සජිත් එකගවේ

August 8, 2019

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු පුළුල් සන්ධානය හැකි ඉක්මණින් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පූර්ණ එකගතාවය පළවී ඇත.

එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවේ ඇති කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අද (08) අගමැතිවරයා හමුවී සාකච්ඡ කළහ.

ජ්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සාකච්ඡා කළ අතර පක්ෂ නායක, අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත භාර දුන් පක්ෂයේ සංශෝධන එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට පියවර ගෙන තිබුනි.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පුළුල් සන්ධානයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව ඉදිරි දින දෙක තුළ සංශෝධනය කොට අවසන් කරන බව ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පක්ෂයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ අගෝස්තු මාසයේදි පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කරනු ලැබීය.

t

o

p