පකිස්ථානු අගමැති හා ඇමරිකානු ජනාධිපති අතර සාකච්ඡා

July 23, 2019

ඉන්දු පාකිස්තාන දේශ සීමා අර්බුදය විසඳාගැනීම සඳහා මැදිහත්කරුවෙකු වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පල කර තිබේ.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

අමෙරිකාවේ සංචාරයක නිරත පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී තිබේ.

ඒ වොෂින්ටන් නුවර පිහිටි ධවල මන්දිරයේදීය.

ඉම්රාන් ඛාන්, ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ පළමු අවස්ථාවද එය වෙයි.

ඇෆ්ගන් ගැටුම හේතුවෙන් පළුදු වූ අමෙරිකා- පාකිස්තාන සබඳතාව වර්ධනය කර ගැනීම මෙම හමුවේ අරමුණයි.

වර්ෂ 70ක් පමණ පැරණි ඉන්දු පාකිස්තාන දේශ සීමා අර්බුදය විසඳා ගැනීම සඳහා තමාට කළ හැකි යමක් වේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී පවසා තිබුණි.

ඊට මැදිහත් වන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමාගෙන් ඉල්ලීමක් කළ බවද ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේය

එමෙන්ම ඇෆ්ගන් යුද්ධය තමාට දින 10කින් අවසන් කළ හැකි බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම හමුවේදී අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් තමාට පුද්ගලයන් මිලියන ගණනක් ඝාතනය කිරීමට අවශ්‍ය නොවන බවත් ඔහු පවසා ඇතැයි සඳහන්ය.

ඇෆ්ගන් රජය සමග සාම ගිවිසුමකට එළඹීම සඳහා තලෙයිබාන් ත්‍රස්තවාදීන් පොළඹවාගැනීමට ඉම්රාන් ඛාන් යොමු කර ගැනීම තම අරමුණ බවත් ට්‍රම්ප් පවසා තිබුණි.

මේ අතර ඇෆ්ගන් ගැටළුවට යුදමය විසඳුමක් නොමැති බව පැවසූ පාකිස්තාන අගමැතිවරයා එරටින් අමෙරිකානු හමුදා ඉවත් කරගතහොත් මිලියන ගණනකට දිවි අහිමි වනු ඇති බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

t

o

p