පකිස්ථානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආරාධනයක්

July 23, 2019

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් පාකිස්තානයට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලිමක් කර තිබේ.

මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයේ දීයි.

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ දී ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු කිසිඳු ක්‍රිකට් කණ්ඩායමක් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කළේ නැහැ.

එවන් පසුබිමකදී ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ දී පාකිස්තානයේ දී  20 – 20 තරගයකට එක්විය.

නමුත් මෙතෙක් පාකිස්තානයේ දී ටෙස්ට් තරගාවලියක් පවත්වා නැහැ.

එම නිසාම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

නැවතත් පාකිස්තානයේ දි ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුනෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේ දී ක්‍රිඩා කිරීමට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර තිබේ.

t

o

p