හානිය තක්සේරු කිරීමෙන් පසු වන්දි ගෙවන බව ඇමති කියයි

July 23, 2019

පසුගිය ආපදා තත්වය නිසා නව දෙනෙක් මිය ගිය ගොස් ඇත. එයින් 06 සුළග නිසා ගස් කඩා වැටීම නිසා මියගිය අතර පාසැල් ළමුන් 02 නකු දියේ ගිළිම නිසා අවාසනාවන්ත ලෙස මිය ගියා. ගිණිගත්හේන ප්‍රදේශයේ කඩ කීපයක් නායයාම නිසා එක් අයකු මරණයට පත් වුණා. පවතින ආපදා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වීම නිසා පවුල් 56 ක් තවමත් ආරක්ෂිත ස්ථාන වලට යොමු කර තිබෙනවා. නිවාස 25 ක් පුර්ණ වශයෙන් හානිය පත්වූ අතර අර්ධ වශයෙන් හානියට පත්වු නිවාස සංඛ්‍යාව 3,169 කි. බලපෑමට ලක්වු පුද්ගලයින් සංඛ්‍යාව දහතුන් දහස් අටසිය ගණනත් බලපෑමට ලක්වී ඇති බව රාජ්‍යපරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් පළකරමින් පැවසීය.

මරණයට පත්වු සැම පුද්ගලයකුටම රුපියල් 250,000.00 ක වන්දි මුදලක් පිරිනැමීමට කටයුතු කරන බවත්, ඊට අමතරව දැනටමත් රුපියල් 15,000.00 ක මුදලක් විපතට පත් වු පවුල් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. හානියට පත් නිවාස අලුත්වැඩියා කර ගැනීම සදහා ක්ෂණිකව රුපියල් 10,000.00 බැගින්  ලබාදීම සදහා රුපියල් මිලියන 27.0ක් ලබා දී ඇති බවත් හානිය තක්සේරු කිරීමෙන් පසු අදාල වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙන ලදී.

එසේම පැවති නියං තත්වය තරමක් දුරට පහව ගිය අතර පසුගිය දින කීපය තුළ ඇද හැලුණු වර්ෂාව නිසා ඉහළ කොත්මලේ ජලාශය, කුකුලේ ගග ජලාශය, ලක්ෂපාණ ජලාශය, කැනියොන් ජලාශයත්, නෝටර්න් යන ජලාශ වාන් දමන මට්ටමට පත්වී ඇති අතර වික්ටෝරියා ජලාශය ඇතුලු ජලාශ වලද ජල මට්ටම ඉහළ ගොස් ඇති බව මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශකරන ලදී.

එසේම ලෝකයේ ප්‍රථම වතාවට ආපදා වලින් හානියට පත්වන අයට රක්ෂණ ආවරණයක් ලබාදීමට හැකිවීම නිසා ආපදා නිසා සිදුවන විපත් වලින් සිදුවන හානි පුර්ණය කිරීමට හැකියාව ඇති වී ඇති බවත්  2019 වර්ෂයේ ඒ වෙනුවෙන් රජය මිලියන 1,500.00 ක මුදලක් ගෙවා ස්වභාවික ආපදා නිසා සිදුවන හානි සදහා රක්ෂණ ආවරණයක් ලබාගැනීමට කටයුතු කළ බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.

අපදා කලමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මෙම මාධ්‍ය හමුව සදහා අපාදා කළමනාකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන අධ්‍යක්ෂ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (දැනුවත් කිරීම්), අධ්‍යක්ෂ (හදිසි මෙහෙයම්) සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ (අධ්‍යක්ෂ) යන නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

t

o

p