අයහපත් කාළගුණයට ඇමතිගෙන් ධීවරයන්ට උපදෙස් මලාවක්

July 23, 2019

අයහපත් කාලගුණ තත්වය ලබන 24 දින දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හගවා ඇති බැවින් ධීවර රැකියාව සදහා යන සියළු ධිවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක් ඊයේ සිට  ලබාදීමට කටයුතු කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

        රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ මෙම උපදෙස් මාලාව පිළිපැදීම අනිවාර්ය බවය . අයපත් කාලගුණ තත්වය හමුවේ මුහුදු යන ධිවරයින්ගේ ජිවිත ආරක්‍ෂාව වෙනුවෙන් මෙම ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කල බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය .

        පැවති කාලගුණ තත්වය සහ එම කාලගුණ තත්වයට මැදිව ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ සිට මාලදිවයින වෙත යොමු කල ධිවරයින්ගේ තත්වය සහ ඉදිරි කාලගුණ තත්වය මත ගතයුතු ආරක්‍ෂක ක්‍රමවේද පිලිබදව අදාළ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් කරුණු සොයාබැලූ දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් මත මෙම උපදෙස් මාලාව නිකුත් කිරීමට සෝදිසි මෙහෙයුම් අංශය කටයුතු කරණු ලැබ ඇත .

       මේ පිළිබද මාධ්‍යට අදහස් දැක් වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ කියා සිටියේය . “අයහපත් කාලගුණ අවදානම තවම තුරන් වෙලා නැහැ   . මේ නිසා සියළු ධිවරයින් තවදුරටත් කාලගුණ අනතුරු ඇගවීම් පිළිබද අවධානයෙන් සිටිය යුතුයි . ඒ වගේම අද උදේ මම කරුණු විමසුවා අපේ සෝදිසි මෙහෙයුම් අංශයෙන් . පැවති අයහපත් කාලගුණ තත්වයට මැදිව සිටි බහුදින ධිවර යාත්‍රා සංඛ්‍යාව 20 ක් බව නැවතත් තහවුරු වුනා . මාලදිවයන මුහුදු ප්‍රදේශයට යොමුකළ ඒ යාත්‍රා 20 න් 7 ක් එරට කුරුදුබිහි ධීවර වරායේ තිබෙනවා . තවත් බහුදින යාත්‍රා 12 ක් එරට මුහුදු ප්‍රදේශයේ තියෙනවා .අපිට අද උදේ දැනගන්න ලැබුනා එම බහුදින යාත්‍රා 12 නැවත ලංකාව බලා පිටත්වීමට සුදානම් වෙනවා කියලා . අපි වහාම උපදෙස් දුන්නා පැවති අවදානම තවම අවසන් නැති නිසා උපදෙස් පිලි පදින්න කියලා .ඊට අමතවර පපුවේ ආබාධයකට ලක් වූ ධිවරයෙකු සහිත යාත්‍රාවක් අපි මාලදිවයිනට යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළා . වෛද්‍ය වරුන්ගේ නිගමය ඔහුට හදවත් රෝගී තත්වයක් නැති බවයි .ඔහුට ගැස්ට්‍රයිටිස් රෝග තත්වය පවතින බව අනාවරණය වුනා . ඒ අනුව මාලදිවයිනට යොමු කල බහුදින යාත්‍රා 20 තමයි ඒ . ”

        “ නමුත් මෙම සංඛ්‍යාව 44 බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙනිච්චා . ඒ නිසා නිරතුරුව නිල තොරතුරු පමණක් විශ්වාස කරන්න . ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ පැවති අයහපත් කාලගුණ තත්වය ලබන 24 දක්වා පවතිනව කියලා . ඒ නිසා අපි සියළු ධිවරයින් සදහා හදිසි උපදෙස් මාලාවක් අද නිකුත් කළා . ”

එම උපදෙස් .

01 ධිවර රැකියාව සදහා යන සියළු ධිවරයින් ජිවිත ආරක්‍ෂක කබා පැළද සිටීම අනිවාර්ය වේ .

02 ගුවන් විදුලි පණිවිඩ යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබීම අනිවාර්යය .

03 වෙනත් රටවල මුහුදු ප්‍රදේශවලට ඇතුළු වීමෙන් වැලකි සිටිය යුතුය .

04 නොදැනුවත්ව හෝ වෙනත් රටක මුහුදු ප්‍රදේශයකට ඇතුළු වුයේ නම් එය දැනගත්  වහාම ආසන්නම

    සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය  වෙත කඩිනමින් දැනුම් දීම .

05  අත්‍යවශ්‍ය  බෙහෙත් ළග තබා ගැනීම අනිවාර්යය .

06 සෑම පැය දෙකකට වරක් ගොඩබිම සමග සබදතා පවත්වා ගැනීම  අනිවාර්යය .

මෙම උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස සියළු ධිවර ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එය ධිවර ජනතාවගේ ආරක්‍ෂාව සදහා ඉතාම වැදගත් බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය .

t

o

p