කියෝතෝ හි චිත්‍රාගාරයේ ගින්නෙන් 12 ක් මරුට

July 19, 2019

ජපානයේ කියෝතෝ නගරයේ පිහිටි සජීවීකරණ චිත්‍රගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙක් මියගොස් තිබේ.

ඉන් තවත් 30කට අධික පිරිසක් ද තුවාල ලබා ඇති බව වාර්තා විය.

ගිනි නිවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙසේ ගින්නට හසුව ඇත්තේ කියෝතෝ සජීවීකරණ ආයතනය සතු චිත්‍රාගාරයක්.

හසුවන සියලු දේ  දවා අළුකරමින් ගින්න තෙමහල් ගොඩනැඟිල්ල පුරා ව්‍යාප්ත වී තිබුණි.

ගින්න නිවාදැමීම තරමක් අපහසු වූ බවත් ඒ සදහා ගිනි නිවන සේවකයන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් වාර්තා වෙයි.

චිත්‍රාගාරය වෙත බලෙන් ඇතුලු වූ අයෙක් එහි ස්ථාන කිහිපයක හදුනානොගත් දියරයක් ඉස ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙලිවී තිබේ.

ගින්න ඇති වී ඇත්තේ ඉන් අනතුරුවයි.

පසුව ඔහු අත්අඩංගුව ගැනීමට පොලීසිය කටයුතු කර ඇති නමුත් ඔහුද තුවාල ලබා තිබීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුවූ බවට වාර්තා වෙයි.

කෙසේ වෙතත් එම සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් හෙළිකර නොමැත.

සිදුවීම සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

t

o

p