බංග්ලාදේශ සංචාරයෙන් පසු ක්‍රිකට් පුහුණුකරුවන් සියල්ල අස්වන ලෙස නියෝග

July 19, 2019

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා තිබේ.

ඉන් අනතුරුව ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසටත් අදාළ ලිපියේ සඳහන් බව වාර්තා වෙයි.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් තවත් තීරණ රැසක් ගෙන ඇති බවයි.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ ගෙවුණු වසර 4 තුළදී ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූ බවයි.

t

o

p