මරණ දඩුවම හේතුවෙන් රටට අහිමිවන දෑ ගැන පසුපෙළ මන්ත්‍රීවරු විමසති

July 18, 2019

මරණ දඩුවම ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පි ප්ලස් තීරුබදු සහනය, යුරෝපා මත්ස්‍ය අපනයනය, සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සහ ත්‍රස්තවාදය පිටුදැකීමට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය යන කරුණු සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය කුමක්දැයි ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීය.


ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉහත කරුණු විමසා සිටියේ අරලියගහ මන්දිරයේදි අද (18) උදෑසන හමුවූ අවස්ථාවේදීය.


යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර මට්ටමේ සම්බාධක රැසක් ඉවත් කර ගැනීමට හැකිවූ බව පෙන්වා දුන් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු රටට අතිශය හිතකර ඉහත පියවර සියල්ලක්ම මරණ දඩුවම ක්‍රියාත්මක වීමෙන් අහිමිවිය හැකි බවට කරුණු පළකර සිටියහ.


පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර වයෙන් ලැබෙන සහයෝගය මරණ දඩුවම පැමිණවීමෙන් පසු අහිමි වනු ඇතැයිද පෙන්වා දුන්නේය. අපේ‍ර්ල් 21 ප්‍රහාරයෙන් පසුව සංචාරක ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තරය දුන් අනගිබවනීය සහායද මරණ දඩුවම සමග අවසන් වනු ඇතැයිද පෙන්වා දුන්හ.


පසුපෙල මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීමට සාවදානව සවන් දුන්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සහ පක්ෂයේ පැහැදිලි ස්ථාවරය ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කර සිටියේය.

t

o

p