චැනල් අයි නාලීකාවේ විකාශන කටයුතු ඇනහිටියි

July 18, 2019

ජාතික රූපවාහිනීයේ දෙවනි නාලිකාව වන චැනල් අයි නාලිකාවේ කොළඹ විකාශන කටයුතු ඇනහිට තිබෙනවා.රාජගිරියේ පිහිටි සංනිවේදන කුලුණේ විදුලි  බිල නොගෙවීම මිට හේතුවයි.

එහි විදුලි බිල රුපියල් ලක්ෂ 7 බවයි වාර්තා වන්නේ.ඊට අමතර කුලුණ ඉදිකර ඇති භුමියටද මාස ගණනාවක සිට කුලිය ගෙවා නොමැති බවද පැවසෙනවා.ජාතික රූපවාහිනිය මේ වන විට දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙනවා.අයතනයේ අකාර්යක්ෂම තාව හේතුවෙන් සභාපතිනි ඉනොකා සත්‍යංගනීට ධුරයෙන් ඉවත්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ලිඛිතව දැනුවත් කර තිබෙනවා.

නමුත් චතුරිකා සිරිසේන මාර්ගයෙන් සිය තනතුර රැකගැනීමට සත්‍යංගනී කටයුතු කරමින් සිටින බව සේවකයන් චොදනා කරනවා.ජාතික රූපවාහිනිය ඉදිරි මාස තුන තුල වසා දමන තත්ත්වයට පත්ව ඇතිබව රජයේ විගණකාධිපති වරයා නිකුත් කල අලුත්ම වාර්තාවේ සඳහන්.

t

o

p