පාස්කු ප්‍රහාරයත් මුස්ලිම් විවාහ නීතියත් ගැන රනිල් මුස්ලිම් මන්ත්‍රී සාකච්ඡා

July 18, 2019

පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සාක්ෂි නොමැතිව අත්අඩංගුවේ පසුවන සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන්,අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව ඊයේ(17) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත් විය.

සාකච්ඡාවෙන් අනතුරුව  මාධ්‍යයට අඳහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පැවසුවේ මුස්ලිම් විවාහ නීතිය ඇතුළු නව සංශෝධන සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කළ යුතු බවයි. 

පසුගිය කාලයේ සැකකටයුතු පුද්ගලයින් 300කට අධික ප්‍රමාණයක් රඳවා තබා ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසා සිටි බව ද පැවසු මන්ත්‍රීවරයා, ඒ අනුව කිසිදු ආකාරයක සාක්ෂියක් නොමැති පුද්ගලයින් ඉතා ඉක්මනින් එළියට දැමීමට අවශ්‍ය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදු කිරිමට අවශ්‍ය පියවර පොලීසිය විසින් ගත යුතු බව ද පැවසීය.

මේ අතර විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා ද ඉදිරියේ දී කටයුතු කරන බව පැවසු මන්ත්‍රීවරයා ඇතැම් කාන්තාවන් මාධ්‍ය වෙත පැමිණ බොහෝ දේ පවසන බවත්, එය නීතියේ ගැටළුවක් නොවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

අගතියට පත් කාන්තාවන්ට කාති අධිකරණයෙන් ලැබුණ තීන්දු ගැන සෑහිමකට පත් වෙන්නේ නැති නම් ඔවුන් ඒ ගැන අභියාචනාවක් ඉදිරිපත් කරමින් ඉදිරියට යා හැකි බවත්, කාති උසාවියට බැන වැඳීම මෙයට පිළියමක් නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

t

o

p