පාන් පිටි මිල වැඩවුනේ ජිවන වියදම් කමිටුවේ ප්‍රමාදයකින්දැයි විමසයි

July 18, 2019

තිරිගු පිටි මිල එකවර රුපියල් 8 කින් වැඩිවීම සිදුවූවේ ජීවන වියදම් කමිටුවේ ප්‍රමාදයකින් දැයි සොයා වහාම වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) නියෝග කළේය.


රජයේ ජීවන වියදම් කමිටුවට අමතරව පාරිභෝගික සේවා අධිකාරිය ද මෙවැනි ඉහළ මිල වැඩිකිරීමකට වගකිව යුතුදැයි  සොයා බලන ලෙස ද අගමැතිවරයා උපදෙස් දෙනු ලැබීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව කාලයක් තිස්සේ තිරිගු පිටි සමාගම් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුව දැක්වූ ප්‍රතිචාරයද සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට නියමිතය.


ලෝක වෙළෙද පොළේ තිරිගු පිටි මිළ ඉහළයාමත් ඩොලරයේ අගය ඉහළ යාමත් මත සුළු මිලකින් පිටි මිල ඉහළ දැමීමට හෝ පහළ දැමීමට ඉඩ දුන්නේ නම් මෙවැනි වැඩි මිලකින් පිටි මිළ ඉහළ දැමීමට සිදු නොවනු ඇතැයි ද ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.


මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා රැස්වෙන ජිවන වියදම් කමිටුව අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළයාම ගැන තීරණය ගනු ලබන අතර තිරිගු පිටි මිල ඉහළ දැමීම ගැන රජයේ ජිවන වියදම් කමිටුව ප්‍රතිචාර දැක්වූවේ කෙසේදැයි වාර්තා කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වන සදහන්ය.

t

o

p