පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් අනෙකුත් නිෂ්පාදනයන්ගේ මිලත් ඉහළට

July 17, 2019

ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල අද(17) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ඊයේ(16) මධ්‍යම රාත්‍රීයේ සිට පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දැමූ බවත්, මෙය සාපේක්ෂව රුපියල් 8 කින් පමණ වැඩිවීමක් බවද සභාපතිවරයා සඳහන් කරයි.

මේ හේතුව නිසාවෙන් ලංකාවේ පාන් මිල රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කළ බවත්, මෙයට විශේෂිත හේතුව වන්නේ පිටි මිල ඉහළ යෑම බවත් වෙන විකල්පයක් බේකරිහිමියන්ට නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මිල වැඩි කිරීම පාන්වලට පමණක් මෙය බලපාන අතර, අනෙකුත් පොඩි ආහාර සඳහා කිසිදු මිල වැඩිකිරීමකට සංගමයෙන් එකඟතාවයක් මෙතෙක් ලැබී නොමැති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

අනෙකුත් ආහාරවල මිල ගණන් වෙනස් කිරීමට බේකරි හිමියන්ගේ සංගමය මැදිහත් නොවන බවත්, තමන්ට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා සුළු වශයෙන් එම ආහාරයන්ගේ මිල ගණන් වෙනස් කර ගැනීමට බේකරි හිමියන්ට අවස්ථාව ඇති බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසීය.

පාරිභෝගිකයින් අපහසුතාවයට පත් නොකර මෙම පොඩි ආහාරවල මිල ගණන් වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

පිටි මිල වැඩි වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත් වු බවත් එහිදී ඩොලරයක මිල ඉහළ යන අවස්ථාවක තිරිඟු පිටිවලට ඇති බද්ද හෝ ඉවත් කර දෙන ලෙස ඉල්ලා සිටි බවත් සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.

එසේ සිදු කළේ නම් තිරිඟු පිටි මිල ගණන් වෙනස් නොවෙන්නට ඉඩ තිබු බවත්, එවිට පාන් මිල වැඩි කිරිමේ අවශ්‍යතාවයක් නොමැති බවත් සභාපතිවරයා මෙහිදී පැවසීය.

t

o

p