ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් කරන්න හදනවා

July 11, 2019

නිදහස් අධ්‍යාපන අයිතින් අහෝසි කරමින් එය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමට විවිධ ආණ්ඩු වරින්වර ගත් උත්සාහයන් නිසා ආරක්ෂා වී ඇති එම අයිතිය වළලා දැමීමට ආණ්ඩුව නව පනතක් හඳුන්වා දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ(10) බත්තරමුල්ලේ පෙ.ස.ප. කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ චෝදනාව ඉදිරිපත් කළේය.


මේ සම්බන්ධ අදහස් පළ කරමින් ඔහු දැක්වූ අදහස් මෙසේය.


”පෞද්ගලික විශ්වවිද්්‍යාල නීතිගත කිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තියල තිබෙන්නේ්. ආණ්ඩුව මේ වෙද්දී තත්ව සහතික කීරීමේ හාප‍්‍රතීතන කොමිෂන් සභා පනත (ූ්්ක්‍* කැබිනට් අනුමැතියෙන් පස්සේ ජුනි 14 ගැසට් නීවේදනය නිකුත් කළා. මේ වෙද්දී මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරලා තිබෙනවා.
මේ පනත සම්මත වුවහොත්, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව, ශී‍්‍ර ලංකා හෙද සභාව, ශී‍්‍ර ලංකා ඉංජිනේරු සභාව, ශී‍්‍ර  ලංකා වාස්තු විද්‍යා සංගමය විතරක් නෙවේ විශ්වවි්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේද අහොසි වී ඒවා දේශපාලන බල අධිකාරයෙන් නැටවෙන රූකඩ බවට පත්වනවා. 
මෙතෙක්කල් පැවති හැම ආණ්ඩුවක්ම අධ්‍යාපන පෞද්ගලිකකරණය කිරීම සඳහා විවිධ කි‍්‍රයාමාර්ග ගෙන ආවා. අධ්‍යාපන පෞද්ගලික කරන උත්සහයන් පරාජයවීම සඳහා බලපාපු හේතුවලින් එකක් තමයි. ඉහත වෘත්තිය සභාවලට ඇති උසස් අධ්‍යාපනයයේ ගුණාත්මක බව මැනීමට ඇති බලතල. පෞද්ගලිනක අධ්‍යාපන ආයතනවල මූලික අවශ්‍යතාව වන්නේ ලාභය. එනිසා එම ආයතන වල අවම ප‍්‍රමිතියේ උපාධී පාඨමාලා ඉහත සඳහන් වෘත්තිය සභා විසින් පිළිගන්නේ නෑ. පහුගිය කාලයේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය උපාධිය සඳහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබුණේ නෑ.  ඕනෑම වෛද්‍ය උපාධියක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත යුතුයි. එසේ නැතිනම් ඒ උපාධි ලංකාව තුළ පිළිගැනෙන්නේ නෑ. එනිසා ආණ්ඩුවල අධ්‍යාපනය විකිණීමේ උවමනාවට මේ වෘත්තිය සභා බාධාවක්.
එනිසා පසුගිය 2012  සිට එම බාධාව මගඇරීමට විවධ උත්සහයනන් ගත්තා.  එක්කෝ නීති වෙනස් කරන්න, එහෙම නැත්නම් දැනට පවතින නීති වෙනස් කරන්න, ව්‍යුහයන් ඇතුලට තමන්ගේ හෙන්චයියන් දමා තීරණ වෙනස් කරන්න. ඒ සියල්ල අසාර්ථක වුනාම මේ ආණ්ඩුව දැන් අලූත් පනතක් ගෙනල්ලා. ඒ පනත හරහා මෙම වෘත්තිය සභා සඳහා ඇති බලගල වලින් අධ්‍යාපනය සඳහා මැදිහත්වීමේ බලය ඉවත් කරනවා. එය ‘තත්ව සහතික කීරීමේ හා ප‍්‍රතීතන කොමිෂන් සභාව’ නම් නව ව්‍යුහයකට පැවරෙනවා.
මේ කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්වන ආකාරයම මෙහි ස්වභාවය හා අරමුන පිළිබඳ හෙළිදරව් කරනවා. කලින් සඳහන් කළ වෘත්තිය සභා සඳසා සාමාජිකයන් පත්වන්නේ, ඒ ඒ වෘත්තියන්වල නියුතු වෘත්තිකයන්ගේ ඡුන්දයෙන්. ඒ අනුව එ් එ් කේෂත‍්‍රවල ජ්‍යෙෂ්ඨයන් ඒවායේ නිල වලට පත්ුවනවා. උදාහරනයක් ලෙස ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ නිලයන් 4ක් හෝ 5ක් ඇමතිවරයා පත්කරන අතර අනෙකුත් නියොජිතයන් වෛද්‍ය වෘත්තිකයන්ගේ ඡුන්දයෙන් පත්වනවා. නමුත් තත්ව සහතික කීරීමේ හාප‍්‍රතීතන කොමිෂන් සභා පනතෙහි නියෝජිතයන්ගේන 4ක නිල බලයෙන් පත්වනවා. ෙඒ අනුව,
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති හෝ ඔහු විසින් බලය පවරන නිලධාරියෙක්,
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහු විසින් බලය පවරන නිලධාරියෙක්,
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහු විසින් බලය පවරන නිලධාරියෙක්,
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති හෝ ඔහු විසින් බලය පවරන නිලධාරියෙක්,
මේ හතර දෙනාට අමතරව ඉතිරි නියෝජිතයන් දේශපාලන බලාධිකාරිය විසින් පත්කරනවා. ඒ සමගම උසස් අධ්‍යාපන ඇමතිවරයා 15 දෙනෙකු මූල මණ්ඩලය ලෙස පත්කරනවා. එයින් 9කු අනාධිපතිවරයා විසින් සොමිෂමට පත්කරනවා. ඒ අනුව මෙහි වැඩි බලය ලැබෙන්නේ දේශපාලන බල බල අධිකාරියටයි. මින් පෙර අදාළ වෘත්තින්ගේ අත්දැකීම් සහිත සභා තුළින් උසස් අධ්‍යාපන ආයත වල ගුණාත්මක බව මැන බැලූවත් මේ පනත සම්මත් වූ පසු දේශපාලන බල අධිකාරය විසින් නටවන රූකඩ කොමිෂන් සභාව විසින් අධ්‍යාපනය විකිනීම සඳහා අවසර ලබා දෙනු ඇත.
ඒනිසා අපි බල කර සිටිනවා පාර්ලිමෙන්තුව තුළ මේ පනතට පක්ෂව අත උස්සන්න එපා කියලා. ඒවගේම මේ පනත පාර්ලිමේන්තුව තුල සම්මත වූවත් එය පාර්ලිමේන්ුවේ පිටදී පරාජය කිරීම සදහා අප මැදිහත්වනවා. දැනටමත් ශිෂ්‍ය ව්‍යාපාරය ඒ සටන ආරම්භකරලා තිබෙන්නේඑ. ඒ සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම කම්කරු ව්‍යාපාරය , ගොවි ව්‍යාපාරය, වෘත්තීය සංගම්, රටේ පොදු ජනතාව තත්ව සහතික කීරීමේ හාප‍්‍රතීතන කොමිෂන් සභා පනතට එරෙහිව පෙලගස්මින් පනත පරාජය කිරීමට අපි  කටයුතු කරණවා.”

t

o

p