සජිත් ජනපති අපේක්ෂක කරන්න ලොතරැයි සභාපතිගේ නිවසේ සාකච්ඡා රනිල්ගේ කනට

July 11, 2019

සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කිරීම සදහා පැවැති සාකච්ඡාවක් පිළිබදව මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයට සම්පූර්ණ තොරතුරු වාර්තා වී ඇත.


මෙම සාකච්ඡාව ශ්‍රී ජයර්ධනපුර මහරෝහල අසට පිහිටි ප්ලාසා මට්ටමේ සුපිරි නිවාස සංකිර්ණයේ පිහිටි ලොතරැයි මණ්ඩල සභාපතිවරයෙකුට අයත් නිවසේ ඉකුත් දා පැවැත්වී තිබේ.
මුදල් ඇමති මංගල සමරවීරගේ හිටපු ලේකම්රවයෙක්, ජනාධිපති උපදේශකවරයෙක් සහ නිවාස හා ඉදිකිරිම් ඇමති සජිත් ප්‍රේමදාසගේ සම්බන්ධිකරණ ලේකම්වරයකේ ද සහභාගී වි සිටියහ.
ඊට අමතරව රාජ්‍ය ආයතනයක තවත් සභාපතිවරයෙකු මීට සහභාගී වීමට සැලසුම්කර සිටියත් අවසන් මොහොතේ ඔහු සාකච්ඡාවට සහභාගී වී නැත.


මංගල සමරවීර අමාත්‍යවරයා එම සාකච්ඡාවට දුරකතය ඔස්සේ සම්බන්ධ වී ඇති අතර එහිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සටනට අවශ්‍ය තරම් මුදල් තමන් වියදම් කරනා බවත් මුදල් ගැන ගැටලුවක් මතු කර නොගන්නා ලෙසත්ය.
එසේම සටන සාර්ථක වනතුරු මෙම හමුවිම සතියකට වරක් පවත්වන ලෙස ද මංගල සමරවිර ඇමතිවරයා පිරිසගෙන් ඉල්ලීමක් ද කර තිබේ.


කෙසේ නමුත් සාකච්ඡාවේ තොරතුරු එය අවසන්වී විනාඩි කිහිපයක් යන්නත් මත්තෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට වාර්තා වී ඇත.

t

o

p