පමා නොවී ජාතික හැදුනුම්පත ගන්නැයි සාපෙළ සිසුන්ගෙන් ඉල්ලයි

July 11, 2019

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් සියයට 5ක් පමණ ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට දැනටමත් අයදුම්කර ඇතැයි විශ්වාස කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේය.

එම අයදුම්පත‍්‍රවලට අදාලව ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ කටයුතු දැන් සිදු කෙරෙන බවද ඔහු ප‍්‍රකාශ කළේය. 

ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සඳහා තවමත් අයදුම්කර නොමැති නම් පමා නොවී ඒ සඳහා අයදුම් කරන ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් ද කරන බව කොමසාරිස් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 
 

t

o

p