මහනුවර පැවැත්වෙන බොදුබල සේනා රැළිය කඩාකප්පල් කරන්න යන බවට චෝදනා

July 4, 2019

2019 ජූලි 7 දා මහනුවරදී   පැවැත්වීමට නියමිත “දැයට එකම රොදකට”   ජාතික සංවිධාන  රාශියක් එක්ව පැවැත්වීමට නියමිත සමුළුව  කඩාකප්පල් කිරීමට හා එය නැවැත්වීමට උසාවි නියෝගයක් ලබා ගැනීමට ජමෙයිතුල් උලමා හා ඔවුන් හා සම්බන්ධ  සංවිධාන  රාශියක්  හා යම් දේශපාලන  නායකයින් කිහිප දෙනෙකු   විසින් බොරු ප්‍රචාර කරමින් පොලීසිය  නොමග යවමින් කටයුතු කරන බව අපට ආරංචි වී ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසයි.

බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි කථිකාචාර්ය දිලන්ත විතානගේ ගේ අත්සනින් යුතුව වැඩබලන පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් මෙසේ සදහන්වේ.

මෙහිදී “1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ XI පරිච්ජීදයේ 109(1) වගන්තිය ප්‍රකාරව කරනු ලබන ලිඛිත තොරතුරු ලබා දීමකි “යන හිස්තැන් පුරවා අත්සන් ගැනීමට  සංවිධානාත්මකව බෙදා හැර ඇති මේ සමග අමුණා ඇති ලේඛනය මගින් අසත්‍ය තොරතුරු සාපරාදී ලෙස ඉදිරිපත්කර ඇත.

මෙහිදී  බොදු බල සේනා නායක හා මහ ලේකම් වන පූජ්‍ය ගලගොඩඅත්තේ  ඤාණසාර  හිමිට  එරෙහිව බොරු චෝදනා නගමින් කටයුතු කරන බව අපි පැහැදිලිව  ප්‍රකාශ කරමු..

2014 අලුත්ගම සිද්ධියට ඤාණසාර  හිමි කිසිදු ආකාරයක නීත්‍යානුකූල  චුදිතයෙක් නොවන අතර  ඉස්ලාමික ආයතන විසින් හා රාජ්‍ය  නොවන සංවිධාන  හා යම් දේශපාලකයින් විසින් උපායශීලීව උන්වහන්සේ මෙයට සම්බන්ධ  බවට අභූත චෝදනා  නගමින් මාධ්‍ය මෙහෙයුම් කරන ලදී.

බොදු බල සේනා  විසින් මෙම අසත්‍ය ප්‍රචාර නැවත්වීම උදෙසා  2014  අලුත්ගම සිදුවූ අපරාධය පිළිබඳව  සොයා බැලීමට කොමිසමක් පත්කරන ලෙස පසුගිය රජයෙන් හා වත්මන් රජයෙන් ඉල්ලීම් කලද එය සිදු නොවුනි.

අලුත්ගමදී සිදුවූයේ වහාබ්වාදී ත්‍රස්තයන්  කණ්ඩායම්  විසින් අලුත්ගම සිට ධර්ගා නගරය හරහා සිය ගම් වලට යමින් සිටි අහිංසක පිරිසකට පල්ලියේ සිට හා අවට උස ගොඩනැගිලිවල සිට ගල් ප්‍රහාර එල්ල කිරීම නිසා  පසුව ඒ ගම්  අතර ඇති වූ ගැටුමක් මිස ඤාණසාර  හිමිගේ කතාව නිසා ඇතිවූ ගැටලු නොවේ. මේ පිලිබදව පැහැදිලිවන  වන වීඩියෝවක්මේ සබැදියාව  (.https://www.youtube.com/watch?v=hi6R86aGpAA0 } තුලින් දැකිය හැක.  මාසයකට පෙර මෙම පල්ලිය  ඉදිරිපිට හමුදාව සමගද ගැටුම් ඇතිකරනු ලැබූ මෙම ප්‍රදේශය සාමාන්‍යයෙන්  නිතර ආගමික ගැටුම් ඇතිකරනු ලබන ප්‍රදේශයකි.

බොදු බල සේනාවට කිසිදු සම්බන්ධතාවයක් නොමැති සිද්ධි හේතු ලෙස ඉදිරිපත්කරමින් මෙම සමුළුව  තහනම් කිරීමට මෙම ලැජ්ජානැති වහාබ්වාදීන් කටයුතු කරමින් සිටී.

සිංහල බෞද්ධයින්, කතෝලිකයින් ,දෙමල ප්‍රජාව පමණක් නොව වහාබ්වාදී  නොවන  මුස්ලිම්.ප්‍රජාවට පවා ආරාධනය  කොට රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය  සාමය, සංහිදියාව, හා සහජීවනය ප්‍රවර්ධනය කිරිමට හා 71 වසරක් දුෂිත හා අකාර්යක්ෂම  දේශපාලනයට තිතක් තැබීමට රටේ සියලු ජන කොටස් ඒකරාශී කිරීමට මෙම  “දැයම එක රොදකට”  සමුළුව  සංවිධානය  කොට ඇති අතර ඤාණසාර  හිමි මෙහිදී දේශනයක් කිරීමට නියමිතය..

මෙම වහාබ්වාදී  ඉස්ලාමික ආයතන විසින් රට තුල ත්‍රස්තවාදය  ඇති කොට රට තුල පාස්කු දින ප්‍රාහර ඇති කල බව හෙලිදරව්  වීම පිලිබඳ  බිය වී සිටින මෙම පිරිස් මෙම  අසාධාරණ  උත්සහය ජය ගැනිමට යම් පාර්ශව  වලට අල්ලස් දී හෝ මෙම තහනම ලබා ගැනීමට උත්සාහ කිරීමටත් , අත්සන් ලබා ගැනීමටත් කටයුතු යොදා ඇත..මෙම සැලසුම් මේ සමග ඉදිරිපත් කර  ඇති ලේඛන වලින් පැහැදිලිවනු ඇත..

මෙම ලේඛන වල බොදු බල සේනාවට හා ඤාණසාර  හිමිට අභූත චෝදනා  කර අත්සන් කරන සියලු දෙනාට එරෙහිව  අප විසින් නඩු පවරන බව අපි තව දුරටත් දැනුම් දෙමු.

මෙම ලිපි ලිවිම හාසාවද්‍ය කරුණු සහිත ලිපියට අත්සන්   කිරීම තුලින් ජනවාර්ගික හා  ආගමික අසහනය ව්‍යාප්ත කොට කටයුතු කරමින් ICCRP පණත අනුව කරනු ලබන අපරාධ  වලට එරෙහිව සියලු දෙනාටම  එරෙහිව පොලිසියට පැමිනිලි  කරනු ඇත.

ඉතා සාමකාමීව සංවිධාන  කල මෙම ආගමික වැඩසටහන හා සමුළුව පිළිබඳව  සිය අල් ටකියා න්‍යාය යටතේ ජනතාව බියකොට කරනු ලබන මෙම වහාබ්වාදී  ඉස්ලාමික උත්සහය පැරදවීමට බුද්ධිමත්ව  ක්‍රියාකරන ලෙස පොලිස්පතිතුමා ඇතුලු සමස්ථ  පොලිස් දෙපාර්තමේන්තුව  වෙත මෙම ලිපිය මගින් දැනුම් දෙමු.

එමෙන්ම මෙදිනට ශ්‍රී  දළදා මාලිගාවේ  සිදුකිරීමට බෞද්ධ  ආගමික  වැඩසටහන හා මෙම සමුළුව නැවත්වීම තුලින් මෙම වහාබ්වාදී  කණ්ඩායම්  විසින් අපේක්ෂා  කරන අපේ රට  තුල  දැනට පවතින හා ශක්තිමත්  සාමය හා සංහිඳියාව විනාශ කොට සිංහල හා මුස්ලිම්  පිරිස් අතර විරසක   කිරීමට  ගනු ලබන අල-ටකියා උත්සාහයටසිහිබුද්ධිය ඇති කිසිවකුත් ඉඩ නොදෙන බවට  අඅපි තරයේ  විශ්වාස  කරමු.

t

o

p