පාසලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ තැනැත්තා වෙඩි ප්‍රහාරයෙන් මරුට

July 4, 2019

අක්මීමන පොලිස් වසමේ මානවිල් ප්‍රදේශයේ පාසලකට අද(04) දහවල් 12.05 ට පමණ  බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා මිය ගොස් තිබේ.

අක්මීමන උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයේ ආරක්ෂක රාජකාරි සදහා යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු යොදවා තිබී ඇත.

විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලය ඇතුළු වීමට ගිය මෙම පුද්ගලයා නතර කර පරීක්ෂා කිරීමට උත්සහ කර ඇති අතර, එහිදී යුද හමුදා නිලධාරීයාට බාධා කරමින් ගිනි අවිය උඳුරා ගැනීමට එම පුද්ගලයා උත්සාහ දරා ඇත.

එම අවස්ථාවේ දී එය මැඩපැවැත් විමට යෑමේ දී මෙම පුද්ගලයාට වෙඩි වැදී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළු කරන විටත් මිය ගොස්  සිට ඇත.

මිය ගිය ගොස් ඇති පුද්ගලයා 39 හැවිරිදි අයෙක් බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

t

o

p