කබීර් සහ හලිම් යළි ඇමතිධූරවල දිවුරුම් දෙයි

June 19, 2019

ධුර අත්හැරි මුස්ලිම් මන්ත‍්‍රීවරුන් අතරින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (19) යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ.

ඔවුන් මීට පෙර දැරූ අමාත්‍ය ධුරවලම අද දිනයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ඒ අනුව කබීර් හෂීම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත.

අබ්දුල් හලීම් යළි දිවුරුම් දී ඇත්තේ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසය.

ඔවුන් දෙදෙනාට අමතරව රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන් යන හිටපු අමාත්‍යවරුන් මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද ඉකුත්දා සිය ධුරවලින් ඉවත් වුහ.Haleem

Kabir

t

o

p