කබීර්ගේ හා හලීම්ගේ දිවුරුම්දීම ව්‍යවස්ථා විරෝධියි

June 20, 2019

එක්සත් ජාතික පක්ෂ මුස්ලිම් ඇමතිවරුන් වන කබීර් හෂිම් හා අබ්දුල් හලීම් යන මහත්වරුන් යළි දිවිරුම් දුන්නේ සිය අනුමැතිය යටතේදැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ තීරණය කර සිටියි.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් මෙම විමසීම ලබන සදුදා පෙරවරුවේදි පැවැත්වෙන සාකච්ඡාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමට නියමිතය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවුනු චෝදනා පදනම් කර ගෙන රාවුෆ් හකිම්, රිෂාඩ් බදියුදීන් ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් සිය තනතුරුවලින් ඉවත් වූහ.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමතිවරුන් වන කබීර් හෂීම්, අබ්දුල් හලිම් ඇතුළු රාජ්‍ය ඇමතිවරුන් ද සිය තනතුරුවලින් ඉවත්වූහ. එක්සත් ජාතික පෙරමුණේ මුස්ලිම් අමාත්‍යවරුන් ඇමතිධූරවලින් ඉවත්වීමත් සමඟ රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවද ශුන්‍ය වී ගියේය.
තත්ත්වය එසේ තිබියදී එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂිම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන් යළි අමාත්‍යධූරයේ දිව්රුම් දුන්නේ කුමන ප්‍රශ්නය නිරාකරණය වීමෙන් පසුවදැයි අගමැතිගෙන් විමසීමට ද පක්ෂ නායකයෝ අදහස් කර සිටියි.
එක්සත් ජාතික පෙරමුණේ කිසියම් ඇමතිවරයෙක් ඇමතිධූරයක දිවුරුම්දීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ගත යුතු බව මීට පෙර තීරණය කර තිබුනි. එසේ තිබියදී කබිර් හෂිම් හා අබ්දුල් හලීම් යන මහත්වරුන් යළි දිවුරුම්දීම ගැන සම්පූර්ණ පැහැදිලි කර ගැනීමක් ලබා ගැනීමට ද එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ තීරණය කර සිටියි.

t

o

p