ජනපති ගිය ටජිකිස්ථානය ගැන දැන ගනිමු

June 14, 2019

මධ්‍යම ආසියාවේ තියෙන කදු වලින් පිරිච්ච , හතර වටෙන්ම වෙනත් රටවලින් වට වෙච්ච රටක් තමයි ටජිකිස්ථානය.

ජනගහණය මිලියන 8.7ක් විතර වෙනවා. ප්‍රධානම ආගම ඉස්ලාම් වන අතර ජනගහණයෙන් 98%ක්ම ඉස්ලාම් ආගම අදහන්නන්. නමුත් දැඩි ආගම් නීති මෙරට නැහැ.

1. මිනිසුන් සෑදූ ලොව දෙවෙනියට උසින් වැඩිම නුරෙක් වේල්ල පිහිටා තිබෙන්නේ ටජිකිස්ථානයෙයි. පළමු ස්ථානය චීනයේ ජින්පින්-1 වේල්ලයි.

2. ආක්ටික් ප්‍රදේශ වලට පසුව ලොව දිගම ග්ලැසියරය පිහිටා ඇත්තේ ටජිකිස්ථානයේයි. දිග කි.මී 77ක් පමණ වනවා.

3. ගංගා 900කට වැඩි ප්‍රමාණයක් ටජිකිස්ථානයේ ඇත.

4. නිතරම භූමිකම්පා වලින් බැට කන ටජිකිස්ථානයේ 1907දී සහ 1949දී වූ භූමි කම්පා වලින් විශාල පිරිසක් මිය ගියා.

5. ටජිකිස්ථානයේ අගනුවර ඩුශෙන්බ් නුවරයි. මෙය ටජික් භාෂාවෙන් සදුදාට කියන නමයි.

6. ඉතා මනරම් ත්‍රිකෝණාකාර වැවක් වන ඉස්කන්ඩර්කුල් වැව ටජික්ස්ථානයේ ඇති විශාලතම වැවයි. එය ඉස්කන්ඩර් , එනම් පර්සියානු බසින් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා හදුන්වන නමයි.

7.පාකිස්ථානය සහ ටජිකිස්ථානය වෙන් කෙරෙන්නේ වාකන් කොරොඩෝ නම් වූ පටු බිම් තීරයකිනි.

8. හිමාල අඩවියේ පවතින ජනප්‍රවාදයක් වන යෙටී හෙවත් හිම මිනිසා ගැන ප්‍රවාද ටජිකිස්ථානයේද මිනිසුන් අතර ජනප්‍රියයි. ඔවුන්ට අනුව ටජිකිස්ථානයේ පමීර් කදු ආශ්‍රිතවද යෙටී සැරිසරනවා.

9. ටජිකිස්ථානයේ සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර , කදු නගින්නන් අතර මෙරට ඉතා ජනප්‍රියයි.

Tajikisthan 4 Tajikisthan 1 Tajikisthan 2 Tajikisthan 3

ඔබේ අවබෝධයට උපුටාගැනීමකි !

t

o

p