රොබට් ඕ බ්ලේක්ට ඇමරිකානු රජයේ කිසිදු තනතුරක් නැහැ – තානාපති කාර්යාලය

May 9, 2019

මරිකානු හිටපු තානාපති රොබටෝ බ්ලේක් මේ වන විට ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ හෝ රජයේ කිසිදු තනතුරක් නෙදරන බව ශ්රීබ ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්රපකාශකයෙකු සදහන් කළේය.
ඔහු මීට කලායකට පෙර ඇමරිකානු රාජ්ය් සේවයෙන් ඉවත් වූවෙකු බවත් ඇමරිකානු ජාතික සිවිල් පුරවැසියෙකු පමණක් බවත් තානාපති කාර්යාලය සදහන් කරයි.
රොබටෝ ඕ බ්ලේක් මහතා බණ්ඩාරනායක සම්මන්ත්රකණ ශාලාවේ පැවැති සම්මන්ත්රලණයකදි ඇමරිකානු ජාතික ගෝටාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ආකාරය ප්රරශංසාවට ලක් කොට තිබුනි. මිලින්ද මොරගොඩ මහතා අනුශාසකත්වය දරන පාත්ෆයින්ඩර් ආයතනය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුනි.
එහිදි කළ ප්රකකාශ සම්බන්ධයෙන් ඇමරිකානු රජයට කිසිදු බැදිමක් නොමැති බව පවසන කොළම ඇමරිකානු තානාපති කාර්යාලය ඔහුගේ ස්ථාවරය ඇමරිකා‍වේ ස්ථාවරය නොවන බවද ප්රකකාශ කළේය.

t

o

p