පාස්කු ප්‍රහාරයෙන් පසු ජනාධිපති චීනයේ ආහාර සමුළුවකට යයි.

May 10, 2019

සංගීත උත්සව ඇතුළු ප්‍රිය සම්භාෂණ රැසක්
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ චීනයේ සංචාරයක නිරත වේ.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක නිරත වන්නේ ආසියානු කලාපයේ ශිෂ්ඨාචාරයේ සංවාදය සමුලූව  ස`දහා සහභාගී වීම ස`දහාය.
චීන සමූහ ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය යුනිස්කෝ සංවිධානය සමග ඒකාබද්ධව සංවිධානය කරන මෙම සමුලූව මේ මස 15 වන දින චීනයේ බීජිං අගනුවරදී පැවැත්වේ.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹෙන සමුලූව උප සැසිවාර හයකින් සමන්විතය.
ආසියානු ශිෂ්ඨාචාරය ( සංස්කෘතිය)  වෙනස් වීම හරහා කලාපයේ රටවල් අතර ඇතිවන අවබෝධය සමුලූවේදී ප‍්‍රධාන තේමාවක් ලෙස ඉදිරිපත් කෙර්.
ඊට අමතරව ආසියානු සංස්කෘතික  සංදර්ශනය ආසියානු ශිෂ්ඨාචාරය(සංස්කෘතිය* සතිය සහ ආසියානු ආහාර උත්සවය සමුලූවට සමගාමීව පැවැත්වෙන ප‍්‍රධාන අංශ ලෙස දක්වයි.
ලෝක නායකයින් ඇතුලූව ඉහලම රාජ්‍ය තාන්ත‍්‍රිකයින් 1500ක් සමුලූව ස`දහා ආරාධනා ලැබ සිටිති.
ශ්‍රී ලංකාවට එල්ල වූ  පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයක් ස`දහා නිර වන පළමු අවස්ථාව මෙය වේ.

t

o

p